වර්ථමානයේ නවීන ඩිජිටල් තාක්ෂණික සේවාව මගින් බලගැන්වෙන කුළී ගමන් රථ සේවාව තුළ වඩාත් සුවපහසු සහ ආරක්ෂිත, සියලූුදෙනාට පහසුවෙන් භාවිිතා කළ හැකි දේශිය තාක්ෂණික ක්‍රමවේදයට අනුකූල ඕනෑම වේලාවක අඛණ්ඩව සේවාවන් ලබාගත හැකි ගමන් පහසුකම් සැපයුම්කරුවකු ලෙස සමීප වීම අපගේ අරමුණයි.
ඩිජිටල්කරණය වන කුළී ගමන් රථ සේවාව තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කරමින්, ශී‍්‍ර ලංකාව තුළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සේවා සැපයුම්කරුවකු බවට පත්වීම සහ අප සේවා අනෙක් විදේශයන්ටද පුළුල් කිරීම අපගේ දැක්මයි.
කණ්ඩායමක් ලෙස YOGO නව්‍ය තාක්ෂණය හඳුන්වා දී ඇති තාක්ෂණවේදීන් සහ අප සමාගමේ කළමණාකාරීත්වය ඇතුළු සේවකයන් සියලුදෙනා මෙම YOGO ඇප් එක තුළින් ශී‍්‍ර ලංකාවේ මගී-ගමනාගමන වෙළඳපොළ තුළ විශාල පෙරළියක් ඇති කිරීමට කටයුතු කරමින් සිටියි. සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඞ් තාක්ෂණය භාවිතා වන ස්මාර්ට් දුරකථන හරහා GPS තාක්ෂණයෙන් සිදුකරනු ලබන දුර ප්‍රමාණ ගණනය කිරීම් 100%ක් නිවරද්‍යතාවය සහිත නොවන අතර YOGO පාදක කරගත් ලින්ක් මනු හරහා එම දෝෂ මගහරවා ගනිමින් නිවැරදි ලෙස දුර ප්‍රමාණයන් ගණනය කර ගැනීමේ හැකියාව පවතී. එමගින් ගමන් මගියා සහ රියදුරු යන දෙදෙනාටම සිදුවන අවාසි මග හරවා ගැනීමට අවස්ථාව හිමි වේ.
මූලික අදියරේ දී YOGO සේවාව බස්නාහිර පළාත තුළ අත්විඳිමේ හැකියාව පවතින අතර කෙටි කාලයකින් තුළදී මෙය දිවයින පුරා ව්‍යාප්ත කෙරෙනු ඇත.
ඉහළ ප්‍රමිතියෙන් යුත් විශිෂ්ට සේවාවක් පවත්වාගෙන යාම වෙනුවෙන් අපගේ සියලූ සේවා සැපයුම්කරුවන් විශේෂිත වූ තෝරා ගැනීමේ කි‍්‍රයාවලියක් වෙත යොමු කොට බඳවා ගැනීම් සිදුකරනු ලබයි. ගමන්කරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම මෙන්ම විනීත රියදුරන්ගේ සේවාව සැපයීම තුළින් දෙපාර්ෂවයෙහිම ගෞවරනීයත්ව ආරක්ෂා කරමින් ඔවුන් දිගින් දිගටම ශධඨධ සමග බඳවා තබා ගැනීමටත් එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටත් අපෙක්ෂා කෙරේ.
YOGO සැමවිට මගීන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු ලබයි. මගීන්ගේ ආරක්ෂාව සහතික කිරීම නව මානයක් කරා රැුගෙන යමින් හදිසි අවස්ථාවකදී කි‍්‍රයාත්මක වන විශේෂ පුහුණුවක් ලැබූ ජංගම පණිවුඩ ඒකකයක් YOGO විසින් හඳුන්වා දී තිබේ. හදිසි අවස්ථාවකදී අපගේ ඇප් එක හරහා හදුන්වා දී ඇති ඒ සඳහා විශේෂිත බොත්තම මගින් හෝ ක්ෂණික ඇමතුම් අංක 1314 වෙත ඇමතුමක් ලබාදීමෙන් එම සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතී.
මෙරට ඩිජිටල් කුළී රථ සේවා කර්මාන්තයට තුළ පළමුවරට කාන්තාවන් සඳහා කාන්තා රියදුරුවරියන් හදුන්වාදීමට YOGO කටයුතු කරමින් සිටියි. මෙම විශේෂ සේවාව කාන්තා මගීන්ගේ ඉල්ලීම අනුව ලබාගත හැකිය. ඒ සඳහා කළ යුත්තේ කුළී රථයක් සඳහා ඇණවුමක් ලබාදීමේ දී අපගේ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඉල්ලූම් කිරීම හෝ ලබා ගැනීම හෝ YOGO රෝස බොත්තම සක්‍රීය කිරීමයි. මෙම සේවාව ඉල්ලූම් කිරීමට හැකියාව ඇත්තේ කාන්තාවන්ට පමණි.
වර්ථමාන කාර්යබහුල සමාජය තුළ ඔබගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් හි වැදගත්කම අප විසින් මැනවින් අවබෝධකරගෙන තිබේ. එම ප්‍රවාහන අවශ්‍යතාවයන් නිසිකලට වේලාවට සපුරාදීමට අප කටයුතු කරනු ලබන්නේ එබැවිනි. YOGO වෙතින් කුළී රථයක් ඇණවුම් කරන ඔබේ කාලය මහමග නිකරුණේ ගත වන්නට අප ඉඩ නොතබන අතර නියමිත වේලාවට රථ වාහන සැපයීමට බැඳී සිටින්නෙමු.
ක්ෂේත්රයේ අත්දැකීම් වලින් පිරිපුන් නව්‍යකරණ අදහස් සමග තාක්ෂණය සමග බැඳී වෘත්තිමය නිපුණ කණ්ඩායමකින් YOGO මෙහෙයුම් කි‍්‍රයාත්මක වේ. පහතින් සඳහන් නාමයන් ඒ බව සනාථ කරනු ඇත.
තුෂාර කාරියකරවන මහතා - ප්‍රධාන විධායක නිළධාරි- කළමණාකරණ අධ්යක්ෂ ලින්ක් ලංකා (කුළී රථ මනු නිපැයුම් ක්ෂේත්රයේ දශකයකට වැඩි කාලයක අත්දැකීම් සහිතයි*
රුවන් ජයනෙත්ති මහතා - ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරි
ධර්මප්රියා ගමගේ - ව්‍යාපාර සංවර්ධන කළමණාකරු
රංග - ආයතනික විකුණුම් කළමනාකරු